ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි
ශ්රී ලංකා මහ බැංකුව අද (10) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 331.10ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 340.70ක් ලෙසත් සටහන් වී තිබේ.
මේ අතර, අද දිනයේ ප්රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතික පරීක්ෂා කිරීමේදී ඒවා පහත පරිදි සටහන් වී ඇත.
🔹 මහජන බැංකුව – ගැනුම් මිල රු. 331.22 | විකුණුම් මිල රු. 340.03
🔹 ජාතික ඉතිරි කිරීමේ බැංකුව – ගැනුම් මිල රු. 328.49 | විකුණුම් මිල රු. 340.60
🔹 කොමර්ෂල් බැංකුව – ගැනුම් මිල රු. 329.80 | විකුණුම් මිල රු. 339.75
🔹 සම්පත් බැංකුව – ගැනුම් මිල රු. 329.41 | විකුණුම් මිල රු. 340.25
🔹 අමානා බැංකුව – ගැනුම් මිල රු. 333.35 | විකුණුම් මිල රු. 339.35
🔹 NDB බැංකුව – ගැනුම් මිල රු. 331.25 | විකුණුම් මිල රු. 340.25


