31.1 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට එරෙහි මහ පාරේ අරගලය අරඹනවා

කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට එරෙහි මහ පාරේ අරගලය අරඹනවා

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ රටේ සම්පත් තමන්ගේ පෞද්ගලික දේපළ සේ සලකමින් කුණු කොල්ලයට විකුණා දමන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට එරෙහි මහ පාරේ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවැසුවේ පානම දී පැවති විපක්ෂයෙන් හුස්මක් වැඩසටහනට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේ ද කීය.

“ආණ්ඩුවේ දේශද්‍රෝහී ප්‍රෝඩාව ඒ හරහා මනාව දැක ගත හැකියි. ආණ්ඩුවේ දේශීය සම්පත් විකිණීමට එරෙහිව මහජන පවුරක් ගොඩනැඟිය යුතුයි. සෞඛ්‍යමය සහ නිරෝධායන නීති රීතිවලට අනුගතව රට බේරා ගැනීමේ අරගලය ආරම්භ කරනවා.

ආණ්ඩුව මැතිවරණයට පෙර ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම කීතු කීතුවලට ඉරා දමමින් ඒ වෙනුවට මහා පාවා දීමේ දැක්ම ක්‍රියාත්මක කරමින් සිටිනවා. ආණ්ඩුව හොර රහසේම කෙරවලපිටිය යුගදනවි බලාගාරය කුණු කොල්ලයට විකුණා දමමින් මෑත ඉතිහාසයේ මහා පාවා දීම සිදු කළා.”

පහන් විජේසේකර