31.1 C
Colombo
Monday, September 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ කන්නයට අවශ්‍ය කෘමිනාශක රසායනික පොහොර සැපයීමට අමාත්‍යාංශය අසමත් වෙලා

මහ කන්නයට අවශ්‍ය කෘමිනාශක රසායනික පොහොර සැපයීමට අමාත්‍යාංශය අසමත් වෙලා

පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න

මහ කන්නයට අවශ්‍ය කෘමි නාශක, දිලීර නාශක, වල් නාශක සහ රසායනික පොහොර නිසි කලට වේලාවට සැපයීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීම වුවත් එය එසේ සිදු කිරීමට අසමත් වී ඇතැයි සමඟි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න මහත්මිය පැවැසුවාය.

මන්ත්‍රීවරිය මේ බව පැවැසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා වෙත ලිපියක් යවමිනි.

එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

“කාබනික ලේබලය ඇල වූ චීනයේ මළ අපද්‍රව්‍යවලින් සැකසූ කාබනික පොහොර ආනයනයට අමාත්‍යාංශය කටයුතු කරනවා. නැඟෙනහිර පළාතේ ගොවිබිම් සුද්ධ කරමින් මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙවර වගා කරන බීජ වර්ග කෘෂි රසායනික පොහොර නොමැතිකම නිසා විනාශයට පත් වෙනවා. කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙවර කෘෂි රසායන සපයන්නේ ද නැද්ද යන්න ප්‍රකාශ කර නෑ.රටේ කෘෂි රසායන කළු කඩ වෙළෙඳාම නතර කිරීමට නිසි පියවර ගෙන නෑ.

මහ කන්නයේ වී වගාවට සහ හේන් වගාවට වල් නාශක අත්‍යවශ්‍යයි. රසායනික ද්‍රව්‍ය නොමැති නිසා බීජ වර්ග විනාශ වෙනවා. දිලීර නාශක නොමැති නිසා නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල තේ වගාවේ අස්වැන්න පහත වැටිලා.

රටේ ජනගහනයෙන් සියයට 30ක් කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙනවා. මේ ප්‍රශ්න සඳහා කඩිනමින් විසඳුම් සැපයිය යුතුයි.”

ඉෂාරා සිල්වා සහ බුද්ධි කරුණාරත්න