25.6 C
Colombo
Wednesday, September 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑන්නත නොගත් සෞඛ්‍ය සේවකයෝ දොට්ට

එන්නත නොගත් සෞඛ්‍ය සේවකයෝ දොට්ට

කොවිඩ් එන්නත ගැනීමට රජය කළ නියෝගය නොසලකා හැරීම හේතුවෙන් අමෙරිකාවේ නිව්යෝක් නුවර රෝහල් සෞඛ්‍ය සේවකයන්ගේ සේවය අත්හිටුවීමට හෝ සේවයෙන් පහ කිරීමට පියවර ගනිමින් සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. මේ හේතුවෙන් නිව්යෝක් නුවර රෝහල්වල කාර්ය මණ්ඩල හිඟයක් ද උද්ගත වී ඇති අතර, ඇතැම් රෝහල්වලට නියමිත සැත්කම් කල් දැමීමට සිදු වී තිබේ.

එක්තරා රෝහලක බාහිර රෝගී ශල්‍යකර්ම ද අත්හිටුවා ඇති අතර, එන්නත් නොකළ සෞඛ්‍ය සේවකයන් සිය ගණනක් සේවයෙන් ඉවත් කිරීමේ සූදානම් ඇති බැවින් දැඩි සත්කාර ඒකකය වෙත සෙසු රෝහල්වලින් රෝගීන් ඇතුළත් කර ගැනීම ද අත්හිටුවීමට සිදු වී තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩ්න් සහ අනෙකුත් දේශපාලන නායකයන් මෙතෙක් එන්නත නොගත් අමෙරිකානුවන්ට පීඩනය වැඩි කිරීමත් සමඟ එන්නත ගැනීම සඳහා ජනතාව උනන්දු වූවත්, ඇතැමුන් ආගමික හෝ සෞඛ්‍ය හේතු මත රජයේ නියෝගයට විරෝධය පළ කර තිබේ.