26.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉලක්කයට වෙඩි තබන්න ගුවන් හමුදාවෙන් 8ක් අද පාකිස්තානයට

ඉලක්කයට වෙඩි තබන්න ගුවන් හමුදාවෙන් 8ක් අද පාකිස්තානයට

Author(s): 
ෆවුස් මොහොමඩ්

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා තරගාවලියේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගුවන් හමුදාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අටදෙනකු අද (30) පාකිස්තානය බලා පිටත් වෙති. පාකිස්තානයේ ලහොර් නුවර පැවැත්වෙන මේ තරගාවලියට ගුවන් හමුදාවෙන් ක්‍රීඩකයන් 5දෙනකු සහ ක්‍රීඩිකාවෝ තිදෙනකු එක්වී සිටිති.

මනෝජ් අබේවික්‍රම, සඳකැළුම් රණසිංහ, ප්‍රියන්ජන් දයාවංශ, ප්‍රසාද් මධුසංඛ, නිශාන් විතාන, මහේෂිකා වෛද්‍යරත්න, දීපානි මුදුන්කොත් සහ ශිරෝමා ප්‍රියදර්ශනී එම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

ගුවන් හමුදා ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩා සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ස්කොඩ්රන් ලීඩර් මාධව බණ්ඩාර මහතා කටයුතු කරන අතර, එයාර් කොමදෝරු වරුණ ගුණවර්ධන එම කමිටුවේ සභාපතිවරයා ලෙසත්, ස්කොඩ්රන් ලීඩර් මනෝජ් විජේවික්‍රම ලේකම්වරයා ලෙසත් කටයුතු කරති.