26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදියර වශයෙන් ප්‍රාථමික පාසල් ඇරඹීමට හැකියාව පවතිනවා

අදියර වශයෙන් ප්‍රාථමික පාසල් ඇරඹීමට හැකියාව පවතිනවා

ඇමැති දිනේෂ් ගුණවර්ධන

ඔක්තෝබර් මාසය අවසන් වීමට පෙර අදියර වශයෙන් මෙරට ප්‍රාථමික පාසල් ආරම්භ කිරීමේ හැකියාව පවතින බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

සිය විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ මහරගම මාදිවෙල ග්‍රාමීය සති පොළ ඉදිකිරීම් කටයුතු පසුගියදා (01) ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.

“අඩියෙන් අඩිය ප්‍රාථමික පාසල් විවෘත කිරීමට පුළුවන් ඉලක්කයට අපි ගමන් කරනවා කියන එක අධ්‍යාපන ඇමැතිවරයා හැටියට ප්‍රකාශ කරන්න ඕනෑ. දරුවන්ට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පරිසරය ක්‍රමානුකූලව පාසල්වල ඇති කර අදියරෙන් අදියර පාසල් ආරම්භ කිරීමේ ඉලක්කය කරා යෑමට මේ වන විට වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා.”