26.1 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළු කඩ මුදලාලිලාට ආණ්ඩුව පාලනය භාර දීලා

කළු කඩ මුදලාලිලාට ආණ්ඩුව පාලනය භාර දීලා

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන

කිරි පිටි, ගෑස්, පාන් පිටි හා සිමෙන්ති මිල පාලනයෙන් රජය ඉවත් වී භාණ්ඩ මිල තීරණය කිරීමේ අයිතිය සමාගම් වෙත පවරා දෙමින් අහස උසට මිල වැඩිකිරීමට ඉඩ දී කළු කඩ මුදලාලිලාට ආණ්ඩුව පාලනය කිරීමට භාරදී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් දා පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක් වෙමින් නියෝජ්‍ය නායකයා මේ බව සඳහන් කළේය.

රටේ දැන් ආණ්ඩුවක් තියෙනවා ද කියන ප්‍රශ්නය අපට තියෙනවා. හාල් මිල වැඩි කරන්න බෑ කියලා ආණ්ඩුව කිව්වාම හාල් මෝල් හිමියන් සහල් වෙළෙද පොළට දාන්නේ නෑ. සහල් හිඟයක් ඇතිවුනාම ආණ්ඩුව සහල් සඳහා පැවැති පාලන මිල ඉවත් කරනවා. මෝල් හිමියෝ සහල් වෙළෙඳ පොළට දානවා විතරක් නොවෙයි මිලත් තීරණය කරනවා යැයි ද කීවේය.

ශිරෝමි අබයසිංහ