25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසින්දි පුද්ගල අතුරුදන්වීම් ජාත්‍යන්තරයට යයි

සින්දි පුද්ගල අතුරුදන්වීම් ජාත්‍යන්තරයට යයි

පාකිස්තානයේ සින්දි ප්‍රාන්තයේ සිදු වන බව කියන පුද්ගල අතුරුදන් වීම් සම්බන්ධව ලෝක සින්දි කොන්ග්‍රසය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී කණ්ඩායම සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ සාකච්ඡාව අතරතුර එම ප්‍රාන්තයේ පවතින වත්මන් තත්ත්වය ගැන ගැඹුරින් අධ්‍යයනය කර ඇති අතර, එය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී කණ්ඩායමේ විශේෂ අවධානයට යොමු වූ බව වාර්තා වේ.

සින්දි ප්‍රාන්තයේ තරුණ කොටස් නිවාසවලින් පැහැරගෙන ගොස් මාස කිහිපයකට පසු ඔවුන් සිරගත කිරීමේ අරමුණින් සාවද්‍ය චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කරන බවට ලෝක සින්දි කොන්ග්‍රසය කියා සිටී.සින්දි ප්‍රාන්තයෙන් අතුරුදන් වන තරුණයන් පිළිබඳ සොයා බලන ලෙස මේ සාකච්ඡාවේදි ලෝක සින්දි කොන්ග්‍රසයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරී කණ්ඩායමෙන් ඉල්ලා ඇත.

පුද්ගලයන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, සුළුතර ජන කොටස් නිහඬ කිරීම සඳහා පාකිස්තාන රජය අවියක් ලෙස භාවිත කරන බවත්, එවැනි බොහෝ තරුණයන් රහසිගත හමුදා කඳවුරුවල වධහිංසාවලට ලක්වෙමින් සිටින බවත් එරට ‘ඩෝන්‘ පුවත්පත වාර්තා කළේය.