25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයේ යළි කොවිඩ් පැතිරෙයි

චීනයේ යළි කොවිඩ් පැතිරෙයි

නැගෙනහිර චීනයේ කොවිඩ් වසංගතය යළි ඉස්මතු වීම හේතුවෙන් සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ. පසුගිය සතියේදි එරට ප්‍රාන්ත 11ක කොවිඩ් ආසාදිතයන් 100කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වීම නිසා මේ පියවර ගෙන ඇතැයි සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය.

චීනයේ නව කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය සිදුවෙමින් පවතින්නේ එරට ජනගහණයෙන් 75% ක ප්‍රමාණයක් හෝ බිලියනයකට වැඩි ප්‍රමාණයක් පූර්ණ එන්නත්කරණයට ලක්වී සිටින අවස්ථාවකදීය. මේ තත්ත්වය මත චීනයේ අගනුවර සංචරණ සීමා දැඩි කර ඇති අතර, වෙනත් නගරවලින් පැමිණෙන සංචාරකයන් නෙගටිව් පීසීආර් පරීක්ෂණයක් සිදු කර තිබීම අනිවාර්ය කර ඇත. එමෙන්ම එම සංචාරකයන්ට දින 14ක නිරෝධායන කාලසීමාවක් ගත කිරීම ද අනිවාර්ය කර ඇතැයි වාර්තා වේ.