― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ රැජන කෝප් 26ට නොයයි

මහ රැජන කෝප් 26ට නොයයි

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වෙන කෝප්26 දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට එලිසබෙත් මහ රැජින සහභාගී නොවන බව දැනුම් දී තිබේ. පසුගියදා වෛද්‍ය පරීක්ෂණ රැසකට යොමු වූ බැවින් 95 හැවිරිදි එලිසබෙත් රැජනට විවේක ගැනීමට වෛද්‍ය නිර්දේශ ලැබී ඇතැයි ද, ඒ අනුව සමුළුවට සහභාගී නොවනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේය. ඇය පසුගියදා වින්ඩ්සර් මාලිගාවේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ තානාපතිවරුන් මුණගැසිණි. සමුළුවේ සමාරම්භක උත්සවයට ඇය සහභාගී නොවීම කනගාටුදායක කරුණක් වූවත්, වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් ඇය සමුළුවේ ආරාධිතයන් අමතනු ඇතැයි වාර්තා වේ.