28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිස්සයි20 ලෝක කුසලානයෙන් ශකීබ් ඉවතට

විස්සයි20 ලෝක කුසලානයෙන් ශකීබ් ඉවතට

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ඊයේ වන තුරුම වනිඳු හසරංග සමඟ වැඩිම කඩුලුලාභියාගේ වාර්තාවට හිමිකම් කියමින් සිටි බංග්ලාදේශ පිලේ සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වී තිබේ. පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව සාජා නුවර පැවැති තරගය අතරතුර ඔහුගේ වම් පාදයේ මස් පිඬු ඉරීමක් සිදු වී ඇති අතර, ඉදිරි පරීක්ෂණ පැවැත්වෙන තුරු ඉතිරි තරග 2න් ඔහු ඉවත් කිරීමට කණ්ඩායමේ වෛද්‍යවරයා නිර්දේශ කර ඇත.

ඊයේ ශ්‍රී ලංකාව සහ එංලන්තය අතර තරගයට පෙර වනිඳු සහ ශකීබ් දෙදෙනාම මෙවර විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ කඩුලු 11ක් බිඳ දමමින් වැඩිම කඩුලුලාභීන් බවට පත්වී සිටියහ. මෙතෙක් පැවැති තරග 3ම පරාජයට පත්ව අවසන් පූර්ව වටයේ අපේක්ෂා බිඳ වැටී ඇති බංග්ලාදේශය සුපිරි 12 වටයේ දකුණු අප්‍රිකාව සමඟ අද සහ 4 වැනිදා ඔස්ට්‍රේලියාව සමඟ තරග වැදීමට නියමිතය.