30 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇෆ්ගනිස්ථානයේ විදෙස් මුදල් තහනමක්

ඇෆ්ගනිස්ථානයේ විදෙස් මුදල් තහනමක්

තලෙයිබාන් පාලනය ඇෆ්ගනිස්ථානය තුළ විදෙස් මුදල් භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එම තීරණය ගනු ලැබ ඇත්තේ රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමේ අරමුණෙන් බව සදහන් කෙරේ. ඇෆ්ගනිස්ථානයේ ආර්ථිකය මේ වන විටත් පිරිහී ඇත.
 
කෙසේ නමුත් ගෝලීය ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වී ඇත්තේ, කඩා වැටී ඇති ආර්ථිකය තවදුරටත් දුර්වල වීමට විදෙස් මුදල් තහනම් හේතු විය හැකි බවයි.
 
එහෙත් රටේ ආර්ථික හා ජාතික අවශ්‍යතා සඳහා සියලුම ඇෆ්ගනිස්ථානුවන් සෑම වෙළෙඳ කටයුත්තක් සඳහාම ඇෆ්ගනිස්ථාන මුදල් පමණක් භාවිත කළ යුතු බව තලෙයිබාන් රජය පවසයි.