27.8 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරන්ජන්ට ජනපති සමාව?

රන්ජන්ට ජනපති සමාව?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති සමාව ලබා දෙන ලෙස අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂගෙන් ඉල්ලීමක් කර ඇත.

අන්තර් පාර්ලිමේන්තු සංගමයෙහි පාලක සභාව රන්ජන් රාමනායක සිරගත කිරීම සම්බන්ධයෙන් කරුණු නවයකින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මානව හිමිකම් උල්ලංඝණය කිරීම්, තර්ජනය කිරීම්, බිය ගැන්වීම්, රඳවා තබා ගැනීමේ අමානුෂික කොන්දේසි, සාධාරණ නඩු විභාගයක් නොමැතිකම, අභියාචනා කිරීමට අයිතියක් නොමැතිකම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය කිරීම සහ පාර්ලිමේන්තු ජනවරම අනිසි ලෙස අවලංගු කිරීම හෝ අත්හිටුවීම එම කරුණු වේ