28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති ඩග්ලස් දේවානන්ත උතුරු පළාත හොල්ලයි

ඇමති ඩග්ලස් දේවානන්ත උතුරු පළාත හොල්ලයි

නීති විරෝධි ලෙස උතුරු පළාතේ ධීවර කටයුතු වල යෙදෙන ඉන්දීය ටෝලර් යාත්‍රා අත්අඩංගුවට ගෙන රාජසන්තක කිරීමට කටයුතු කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා විසින් ඊයේ (21) දින මයිලෙඩ්ඩි ධීවර වරායේ නීරික්ෂණ චාරිකාවකට එක් වෙමින් මේ බව පැවසීය.

මයිලෙඩ්ඩි ධීවර වරායේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු පිලිබඳව සොයා බැලීම සඳහා මෙම සංචාරයට අමාත්‍යවරයා එක්වූ අතර එහි රඳවා තිබෙන ඉන්දීය ටෝලර් යාත්‍රා නිරීක්ෂණය කළ අමාත්‍යවරයා එම ටෝලර් යාත්‍රා මගින් මෙරට මුහුදු සීමාව තුළ විශාල මත්ස්‍ය හානියක් සිදුකරන බවත් එය මැඩලීමට සියළු අනවරස ධීවරය යාත්‍රා රාජසන්තක කරන බවත් පැවසීය.