― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalආණ්ඩුව ගොවිතැන මුළුමනින්ම විනාශ කලා

ආණ්ඩුව ගොවිතැන මුළුමනින්ම විනාශ කලා

හරිත කෘෂිකර්මාන්තයක් බිහි කිරීමට ගිය ආණ්ඩුව මේ වෙද්දී රටේ ගොවිතැන මුළුමනින්ම විනාශ කර ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (29) පැවසීය.

උද්ගත වී තිබෙන පොහොර අර්බුදයත් සමඟ මහ කන්නයේ ගොවීන්ට වූ අලාභය පියවනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පිළිතුරක් දිය යුතු යැයි ද මන්ත්‍රීවරයා කීවේය.

ආණ්ඩුවේ වැරැදි ක්‍රියාපිළිවෙත් නිසා ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වීමේ පෙර නිමිති පහළ වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා ඩොලර් සංචිත නැති කම නිසා පිටරටින් හෝ සහල් ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි ද කීවේය.

වර්තමානයේ ඇතිව තිබෙන මේ මහා අර්බුදයට ආණ්ඩුව ඍජුවම වගකිව යුතු බවත්, රාජ්‍ය නිලධාරීන් මත වරද පටවා ඉන් පැන යෑමට ආණ්ඩුවට නොහැකි බවත් ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

පහන් විජේසේකර