― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalමුස්ලිම් කතුන් විකිණූ බුලී බායි තහනම් කෙරේ

මුස්ලිම් කතුන් විකිණූ බුලී බායි තහනම් කෙරේ

මුස්ලිම් කාන්තාවන් 100කට වැඩි පිරිසකගේ ඡායාරූප යොදාගනිමින්, ඔවුන් ‘විකිණීමට’ ඇතැයි ප්‍රචාරය කළ ඇප් එකකට එරෙහිව ඉන්දීය ප්‍රාන්තයන් දෙකක පොලීසි නඩු පවරා ඇත.

එම ඇප් එකේ නිර්මාපකයින් එහි තිබූ පින්තූර සහ අන්තර්ගතයන් බෙදාගත් ට්වීටර් ගිණුම්හිමියන් මෙයට චෝදනා ලබා තිබේ.

ගිට්හබ් නම් වෙබ් ප්ලැට්ෆෝමයෙන් බලගැන්වුණු ‘බුලී බායි’ නම් මෙම විවෘත මූල මෘදුකාංගය මේ වන විට ඉවත්කර තිබේ.

ජුලි මාසයේදී මුස්ලිම් කාන්තාවන් 80කට වැඩි පිරිසක් අන්තර්ජාලයේ පළකළ ඡායාරූප භාවිතයට ගත් ‘සුලී ඩීල්ස්’ නම් ඇප් එක සහ වෙබ් අඩවිය එම කාන්තාවන් සඳහා ප්‍රොෆයිල් නිර්මාණය කරමින් ඔවුන් ‘දවසේ ඩීල්’ යනුවෙන් හඳුන්වා තිබිණි.
මාස කීපයකදී ඉන්දීය මුස්ලිම් කාන්තාවන් අන්තර්ජාලය හරහා වෙන්දේසි කිරීම මඟින් ඔවුන්ට හිංසා කිරීමට ගත් දෙවැනි අවස්ථාව මෙය වේ.