ප්‍රවීණ ගායන ශිල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභවප්‍රාප්ත වේ. මියයන විට ඒ මහතා 77 හැවිරිදි වියේ පසුවිය. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වේ. මෙරට බයිලා කලාවේ රජු ලෙස විරුධාවලිය ලත් ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා දශක 04කට අධික කාලයක් සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන සටහනක් තැබු ගායකයෙකු ලෙස සැලකේ. ලෝකල් එල්විස් ප්‍රෙස්ලි නමින් ජනාදරයට පත් ඔහු උපන්නේ 1943 ජූලි 13 වැනිදා ය. ඔහු මාතර සාන්ත තොමසුවේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකුද වේ. චූඩා මාණිකේ, නිල්වන් මුහුදු තීරේ , යන්න රට වටේ, සුමිහිරි පානේ පදමට ගහලා, ලංකාවට බයිලා ගෙනා වොලී බැස්ටියන්, පොල්කටු හැන්දෙ මිට වගේ, මම්ම නෝ පප්ප නෝ, යමන් බණ්ඩො, කකුල කකුල කකුල මගේ, එතකොට, රෑ දොළහට ලයිට් ගියා වැනි ගීත ගායනා කරමින් ඩෙස්මන් ද සිල්වා ජනාදරයට පත්විය.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...

ප්‍රවීණ ගායන ශීල්පී ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වෙයි
Previous article