රටක් විදියට අපි බරපතළ ආර්ථික අර්බුදයක මුවවිට සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.
අද 15 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව
රටක් විදියට අපි බරපතළ ආර්ථික අර්බුදයක මුවවිට ඉන්නේ.අපි හිතනවා මේ ආර්ථික අර්බුදය දිග් ගැස්සුනු අර්බුදයක්. සමහරු කල්පනා කරන විදියට මේක මාස තුනකින් පහකින් විසඳෙන්නේ නෑ.
මේ අර්බුදය විසඳීම සඳහා ගෙන විසඳුම් පවා මේ අර්බුදය තවදුරටත් උග්‍ර කරනවා.
ජනවාරි 18 වැනිදා ට ආණ්ඩුව පුදුම අමාරුවකින් ලෑස්ති වෙනවා මේ රටේ සියලු සංචිත හිඳලා ඩොලර් මිලියන 500ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගෙවල දාන්න. මීට කලිනුත් අපි මාධ්‍ය හමුවකින් මේක ප්‍රශ්න කරා.
ආණ්ඩුව මේ සඳහා කිසිම ප්‍රතිචාරයක් දක්වලා නැහැ. මේ ගනුදෙනුව පිටිපස්සේ බරපතළ සැකයක් තියෙනවා. මේ මුදල් ගෙවන්න ආණ්ඩුව ලෑස්ති වෙන්නේ මේ මුදල් කැරකිලා යන්නේ ගෙවන අයගෙ අතටම ද කියන ප්රශ්නය තියෙනවා.
විදේශගත ශ්‍රමිකයින්ගේ ලැබීම ක්‍රමානුකූලව පහල බැහැලා තියෙනවා.
නිල නොවන වාර්තා තියෙන්නෙ සාමාන්‍යයෙන් අපේක්ෂා කරපු මුදල ඩොලර් බිලියන අටක්. නමුත් ලැබිලා තියෙන ගාන ඩොලර් බිලියන පහක් පහුගිය අවුරුද්දේ.
අපනයන වලින් පවා ලංකාවට ලැබෙන්න තියෙන ආදායම පහළ වැටෙනවා.
සියල්ල පහත වැටෙන තත්ත්වයක් තියෙන්නේ.
අපි ජනතාවට අනතුරු අඟවනවා මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක නොවූ විරූ මට්ටමේ ආර්ථික අර්බුදයකට මේ රටේ ජනතාවට ඉදිරි වසර කීපය තුළ මුහුණ දෙන්න සිද්ධ වෙනවා.
ඒක සමහර විට ඉදිරි මාස කීපය වෙන්නත් පුළුවන්. ඒක ඉදිරි වසර කීපය වෙන්නත් පුළුවන්.
කිරිබත් කාලා ගෙනාපු ආණ්ඩුවක් අද වෙන විට කැකුළු හාල් කිලෝ එක 170 ට ගිහිල්ලා තියෙනවා.
රතු කැකුළු 180ට ගිහිල්ලා තියෙනවා. අප්‍රියෙල් වෙනකොට මේක දෙසීය දෙසිය පනහ උනොත් පුදුම වෙන්න එපා.මේ රටේ ජනතාවට කෙහෙල් බොඩ කන්න වෙන තැනට ආර්ථිකය යනවා කියන එක ඉතාම පැහැදිලියි. මේ ප්‍රශ්නෙ බේරගන්න ජනතාව ඉස්සරහට එන්න ඕනේ.
හාල් හිඟය නිසා සාගතයක් එනවා. ඒ සාගතයට හාල් ගෙන්නන්න සල්ලි නෑ. මේගොල්ලෝ කයිවාරු ගගහ හිටියෙ රටේ හාල් නැති උනොත් එහෙම පිටරටින් හාල් ගෙන්නනවා කියලා.
කල්පනා කරලා බලන්න මේ යන විදියට අප්‍රියල් වෙනකොට සංචිතවල සත පහක් වත් ඉතුරු වෙන්නේ නෑ. පොහොර ගෙන්නන්න බැරි වෙච්ච ආණ්ඩුවට හාල් ආනයනය කරන්න වෙන්නේ නෑ.
මේ රටේ ජනතාවට කෙහෙල් බොඩ කන්න වෙන තැනට ආර්ථිකය යනවා කියන එක ඉතාම පැහැදිලියි. මේ ප්‍රශ්නෙ බේරගන්න ජනතාව ඉස්සරහට එන්න ඕනේ.