31.7 C
Colombo
Tuesday, April 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රිකට් කණ්ඩායමේ 06කට කොරෝනා

ක්‍රිකට් කණ්ඩායමේ 06කට කොරෝනා

මේ දිනවල බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයින් 06කට කොවිඩ් 19 ආසාදනය වී තිබේ.

මෙලෙස කොවිඩ් 19 ආසාදනය වූ ක්‍රීඩකයින් අතර නායක යෂ් දුල් හා උප නායක එස්.කේ. රෂීඩ් ද වන බව වාර්තා වෙයි. වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් මේ වන විට හුදකලා කර ඇත. එම නිසා ඉදිරි තරගවලදී නිසි පරිපූර්ණ කණ්ඩායමක් සකස් කර ගැනීමේ අර්බුදයකට ඉන්දීය කණ්ඩායම් කළමණාකාරිත්වය මුහුණ දී සිටියි.

කණ්ඩායමේ නායකයා මෙන්ම උප නායකයා හට කොවිඩ් 19 ආසාදනය වීම නිසා ඉදිරි තරගවලදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නිශාන්ත් සින්ධුට ලබා දී ඇති අතර
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලබන සෙනසුරාදා උගන්ඩා කණ්ඩායම සමඟ තරගයකට එක්වීමට නියමිතය.