28.9 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනිද්දා සිරකරුවන් රැසකට ජනාධිපති පොදු සමාව

අනිද්දා සිරකරුවන් රැසකට ජනාධිපති පොදු සමාව

74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් රැසකට අනිද්දා (04) ජනාධිපති පොදු සමාව හිමිවෙයි.

ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති පොදු සමාව ප්‍රදානය කරනු ලබයි.

ඒ අනුව බන්ධනාගාරගතව 2022.02.04 වන දිනට සිර දඬුවම් විදින සිරකරුවන් හට ගෙවන ලද වසරකට හා ඉන් කොටසකට දින 07ක් සමාව ලබා දීම, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව 2022.02.04 වන දිනට සිර දඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ඉදිරි දඬුවම් කාලය අහෝසි කිරීම,2022.02.04 දින වන විට බන්ධනාගාරගතව සිර දඬුවම් විදින සිරකරුවන් අතරින් වයස අවුරුදු 65 ඉක්මවු සිරකරුවන්ගේ නියම කර ඇති දඬුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති සිරකරුවන් සදහා ඉදිරි කාලය අහෝසි කිරීම සහ වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියමකර, 2022.02.04 දිනට මහාධිකරණයෙන් දඬුවම් නියම කළ දින සිට වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවම් කාලය අහෝසි කිරීම පොදු සමාව පිරිනැමීම යටතේ සිදු කෙරේ.

බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවැසුවේ මේ කාණ්ඩ යටතේ සුදුසුකම් සපුරාලන සිරකරුවන් ඇතුලත් වන නාමලේඛන සැකසීම සඳහා වූ නියෝගය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උපදේශකත්වයෙන් සියලුම බන්ධනාගාර වෙත යවා ඇති බවයි.

හෙ ට(03) දිනයේ ඒවා බන්ධනාගාර මූලස්ථානය වෙත ලැබීමෙන් පසු මෙම සිරකරුවන් අනිද්දා (04) නිදහස් කිරීමට අවශ්‍ය සියලු කටයුතු කඩිනමින් සූදානම් කරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.