මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ 7,000ක පමණ සේවක පුරප්පාඩුවක් පවතින බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර පවසයි.
කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමිකයින්ගේ සේවය ලබා ගැනීම සඳහා අනුමැතිය ලැබුණහොත් ඉතා කෙටි කාලයක් තුළ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරීමට හැකි බව හෙතෙම අවධාරණය කරයි.
දුම්රිය අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (01) ප්‍රවාහන බලධාරින් සමග සාකච්ඡා කළ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“සමස්ත දුම්රිය සේවය ආරම්භ කිරීමටත්, බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහාත් අවශ්‍ය කාර්ය මණ්ඩල ලබාගැනීමට අපි කටයුතු කරමින් ඉන්නවා. අමාත්‍යාංශයේ ඇමතිතුමිය සමග සහ ලේකම්තුමා සමගත් අපි සාකච්ඡා කළා. එමඟින් විසඳුම් ලබාගෙන දුම්රිය සේවය හොඳින් පවත්වා ගැනීමට අපි කටයුතු කරමින් යනවා. දුම්රිය කාර්ය මණ්ඩලය සඳහා අවශ්‍ය අනුමැතිය ලැබුණොත් කොන්ත්‍රාත් පදනම මත විශ්‍රාමික නිලධාරීන් යොදාගන්න අවසර ලැබුණොත්, ඉතා කෙටි කාලයකින් දුම්රිය යතාවත් කරලා, සියලුම දුම්රිය වාර ක්‍රියාත්මක කිරීමේ හැකියාව අපිට තියෙනවා. අමාත්‍යාංශ අනුග්‍රහය ලැබුණොත් ඉදිරියේ දී ඔවුන්ව සේවයට යොදාගෙන ඉතා කඩිනමින් සම්පූර්ණ සේවය ලබාදෙන්න පුළුවන්. දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුමත කාර්ය මණ්ඩලය 21,000ක් වුවත් දැනට සේවයේ නියුතු වන්නේ 13,000ක් වගේ. ඒ අනුව 7,000ක වගේ සේවක අඩුවක් තියෙනවා.”


