ශීඝ්‍රයෙන් පැතිරෙන කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී රට වසා දැමීමක් සිදු කළ නොහැකි බවත් රට සාමාන්‍ය තත්ත්වය තුළ පවත්වාගෙන යාම සඳහා සියලු දෙනා සතුව වගකීමක් පවතින බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඊයේ (01) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 1,137ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිතයින් ගණන 612,322ක් දක්වා ඉහළ ගියේය.
මෙරට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ බූස්ටර් එන්නත් මාත්‍රාව පුද්ගලයින් 58969 කට ලබා දී තිබෙන බව යුද හමුදාව පවසයි.


