27.8 C
Colombo
Wednesday, June 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද්ධයකට අත වැනෙන ලකුණු

යුද්ධයකට අත වැනෙන ලකුණු

මතුව ඇති ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් චෝදනා කරන්නේ රුසියාව, යුක්‍රේනය තුළ යුද්ධයකට තල්ලු කිරීමට අමෙරිකාව උත්සාහ කරන බවයි.රුසියාව කෙරෙහි තවත් සම්බාධක පැමිණවීම ඇමරිකාවේ අදහස බවයි ඔහු තව දුරටත් පෙන්වා දුන්නේ.

යුරෝපය තුළ ස්ථාන ගත කර ඇති නේටෝ හමුදා ගැන රුසියාව දක්වන විරෝධය ඇමෙරිකාව විසින් නොසලකා හරිමින් සිටිනවා සේම, මෙ වනවිට යුද ආම්පන්න සහ ප්‍රහාරක යානා ද සහිතව රුසියානු භටයින් 100,000ක් පමණ යුක්‍රේන දේශසීමාව අසලට කැඳවීමට රුසියාව කටයුතු කර තිබේ.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් නොමැති බව පැවසුවත් මේ හේතුවෙන් ජාත්‍යන්තර දේශපාලන කරලියේද ඇතිවී ඇත්තේ නොසන්සුන් තත්ත්වයකි.

යුක්‍රේන බලධාරීන් නැගෙනහිර කලාපයේ සාමය ස්ථාපනය කිරීමට අපොහොසත් වී ඇති බව රුසියාව චෝදනා කරද්දි, මීට වසර 8කට පමණ පෙර යුක්‍රේන පාලනයේ පැවති ක්‍රිමියා අර්ධද්වීපය රුසියාව විසින් ඈඳා ගැනීමත් යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයේ කැරළිකරුවන්ට රුසියානු හමුදා සහාය ලැබීමත් හේතුවෙන් ජාත්‍යන්තරය රුසියාව දෙස බලන්නේ සැකයෙනි.

මේ වනවිට රුසියාවේ සහාය ලබන සටන්කාමීන් එහි විශාල ප්‍රදේශයක් පාලනය කර අතර නිතර ඇතිවන ගැටුම් හේතුවෙන් මේ දක්වා 14,000ක් පමණ මියගොස් තිබේ.