පෙබරවාරි මස 4 වන දිනට යෙදෙන 74 වෙනි නිදහස් දින සැමරුම් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා එදිනට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, දිවයින පුරා ඇති සුරාසැල් සහ බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවිසැල් හා එදිනට මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන,මස් මාංශ අලෙවිසැල් ද වසා තැබෙනු බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.


