32.8 C
Colombo
Sunday, April 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව සදුදා රැස්වෙයි

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව සදුදා රැස්වෙයි

පවතින කොවිඩ් තත්ත්වය හමුවේ අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සහ ඉදිරි වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සදහා පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ලබන සදුදා (07) පස්වරුවේ රැස්වීමට නියමිතය.

මේ අතර පාර්ලිමේන්තුව ලබන 08 වැනිදා පෙ.ව 10.00ට රැස්වීමට නියමිත අතර 11 වැනිදා දක්වා දින 04 ක් රැස්වීමට මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය විය.

තවද ලබන 8 වැනිදා රජයේ මුදල් කාරක සභාව සහ ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව රැස්වීමට නියමිතය.