28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅයි.එස් නායකයා ඝාතනය කෙරේ

අයි.එස් නායකයා ඝාතනය කෙරේ

අයි.එස් ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු ඊබ්‍රහිම් අල් හෂිමි අල් කුරේෂි ඉලක්ක කර වයඹදිග සිරියාවේදී අමෙරිකානු විශේෂ හමුදා කණ්ඩායමක් විසින් සිදුකළ මෙහෙයුමකදි ත්‍රස්තවාදී සංවිධානයේ නායකයා ඝාතනය කිරීමට හැකිවූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.

අමෙරිකානු හමුදාවේ හෙලිකොප්ටර් යානා රැසක් තුර්කි දේශසීමාවට ආසන්නව ඉඩ්ලිබ් පළාතේ පිහිටි ප්‍රදේශයකට මධ්‍යම රාත්‍රියේ ගොඩබස්වා තිබූ අතර එම යානා යළි පිටත්වීමට පෙර එම ප්‍රදේශයෙන් වෙඩි හා ෂෙල් ප්‍රහාර හඬ ඇසුණු බව සිරියානු මූලාශ්‍ර උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙහෙයුමෙන් පසු ජනාධිපති ජෝ බයිඩන් තැබූ ට්විටර් සටහනක දැක්වුණේ, අපගේ සන්නද්ධ හමුදාවේ හැකියාවන්ට සහ නිර්භීතභාවයට ස්තූතිවන්ත වන්නට අබු ඊබ්‍රහිම් අල් හෂිමි අල් කුරේෂි සටන් බිමෙන් ඉවත් කිරීමට හැකි වූ බවය.