28.4 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසෙල්ෆි ගන්න ගිය ප්‍රංශ තරුණියට වූ අකරතැබ්බිය

සෙල්ෆි ගන්න ගිය ප්‍රංශ තරුණියට වූ අකරතැබ්බිය

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී දුම්රියෙන් ඇද වැටී ප්‍රංශ ජාතික තරුණියක් තුවාල ලබා තිබේ.

අනතුර සිදුව ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය – 31 සහ 32 බිම් ගෙවල් අතර ප්‍රදේශයේදීය. අනතුරට ලක් වූ දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේදී එම තරුණිය මෙම අනතුරට මුහුණ දී ඇති බව පොලිස් විමර්ශනවල අනාවරණ වී ඇත.

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් අදාළ තරුණිය ඇද වැටුණු පසු ඇය බේරා ගැනීමට ඇයගේ පෙම්වතාද දුම්රියෙන් පැන ඇති අතර එම තරුණයාද තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.