27.8 C
Colombo
Wednesday, May 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනය සරසවියේ ගැටුමකින් අයෙක් රෝහලේ

යාපනය සරසවියේ ගැටුමකින් අයෙක් රෝහලේ

පසුගිය (06) වැනිදා යාපනය විශ්ව විද්‍යාලයේ සිසු නේවාසිකාගාරයක් තුළ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු තුවාල ලබා යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

තුවාල ලබා රෝහල්ගත කළ සිසුවාගෙන් පොලීසිය මේ වන විට ප්‍රකාශයක් ලබාගෙන තිබේ. මීට සති දෙකකට ඉහතදී යාපනය විශ්ව විද්‍යාලයේම නේවාසිකාගාරයක් තුළ පැවති සාදයකදී ඇති වූ ගැටුමකින් හතර දෙනෙකු තුවාල ලබා සිටි අතර මෙවර තවත් දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන ඇත්තේ මුල් සිද්ධිය මත ඇති වූ බහින්බස් වීමක් දුර දිග යෑමෙනි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.