― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeNewsඖෂධ හිඟයක් ඇති නොවීමට කටයුතු කරනවා

ඖෂධ හිඟයක් ඇති නොවීමට කටයුතු කරනවා

රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය කටයුතු සිදුකරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

පවතින ඖෂධ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සලකා බලා නිශ්චිත කාල වකවානු පදනම් කර ගනිමින් ඖෂධ ගෙන්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක ප්‍රකාශ කළේය.

ඒ අනුව ඖෂධ ගෙන්වීම සඳහා අවශ්‍ය වන ඩොලර් අවශ්‍යතාවය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

මීට පෙර සිදු කළ දැනුම්දීම්වලට අනුව මහ බැංකුව විසින් ඖෂධ ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 7ක මුදලක් නිකුත් කිරීමට කටයුතු කර ඇත. පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් පවතින ඖෂධ හිඟය අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සමන් රත්නායක අවධාර්ණය කරයි.