14 හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කළ බවට සැකපිට පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
හාලිඇළ, අඹවක ප්‍රදේශයේ අවුරුදු 14යි මාස 7ක් වයසැති දැරියක් දූෂණයට ලක්ව ඇති බවට හාලිඇළ පොලිස් ස්ථානාධිපතිවරයාට පසුගියදා ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ දැරිය උදරයේ වේදනාවක් යැයි මවට පැවසීමත් සමග හාලිඇළ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වෙත ගොස් පරීක්ෂා කර තිබේ.
එහිදී ඇය මාස 4ක ගැබිනියක් බවට අනාවරණය වී ඇත. මෙම සිදුවීම සම්බන්ධයෙන් පළමු සැකකරු බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
මවගේද අනුදැනුම මත දැරියව ආශ්‍රය කිරීමට එම පුද්ගලයාට අවස්ථාව සලසා දී ඇති බවත් එම පුද්ගලයා 41ක් හැවිරිදි විවාහක අයෙකු වන අතර ඔහුට අවුරුදු 7ක පුත්‍රයෙකු සිටින බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
දැරියට සිදුකළ අතවරය සම්බන්ධයෙන් හාලිඇළ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් හා තවත් අයෙක් අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර 18 වැනිදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
දැරියගේ මවද එම අපරාධයට අනුබල දීම යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන හාලිඇළ පොලීසිය විසින් සිදුකරයි.