30.6 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසහරාන්ගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගැනීම අද සිට

සහරාන්ගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගැනීම අද සිට

පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදු කරන විමර්ශනවලට අදාලව දැනට රක්ෂිත බන්ධානාගරගත කර සිටින සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් ප්‍රකාශ ලබා ගැනිම අද (11) සිට ආරම්භ වෙයි.

විශේෂ විමර්ශන ඒකකය ඊයේ අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉදිරි විමර්ශන කටයුතු සදහා සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් ලබන 25 වැනිදා දක්වා ප්‍රකාශ ලබා ගැනිමට අවසර දෙන ලෙසයි. ඒ අනුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඒ සදහා අවසර ලබා දුන්නේය.

වැලිකඩ බන්ධනාගාරයට ගොස් අදාළ ප්‍රකාශ ලබාගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දෙන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාටද අධිකරණය නියෝග කර ඇත.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වාර්තාවක් මාර්තු 04 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි වීරතුංග මහත්මිය නියෝග කර ඇත.