― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalතරුණයෙක් නිසා 60 පෙම්වතිය ගෙළ වැළලාගෙන මිය යයි - 32 බිරිය...

තරුණයෙක් නිසා 60 පෙම්වතිය ගෙළ වැළලාගෙන මිය යයි – 32 බිරිය දැඩිසත්කාරයේ

වයස අවුරුදු 40ක පුද්ගලයෙකුට ආදරය කළ කාන්තාවන් දෙදෙනෙක් එකම දින ගෙල වැළලා ගැනීමෙන් අනතුරුව එක් අයෙකුට දිවි අහිමි වීමත් අනෙක් කාන්තාව දැඩි සත්කාර ඒකකයක ජීවිතයත් මරණයත් අතර ප්‍රතිකාර ලබන පුවතක් පිළියන්දල හදිසි මරණ පරීක්ෂක පැවසීය.

සිද්ධියෙන් මියගොස් තිබුණේ වයස අවුරුදු 60 කාන්තාවක් වන අතර රෝහල්ගතව දැඩිසත්කාර ඒකකයක ප්‍රතිකාර ලබන්නේ වයස අවුරුදු 32 ක කාන්තාවකි. ඔවුන් දෙදෙනාම පිළියන්දල පදිංචිකාරිනියන්‍ බව අනාවරණය වී තිබේ.

මියගිය කාන්තාවගේ සැමියා මීට වසර පහළොවකට පෙර මිය ගොස් ඇත. එයින් මාස කීපයකට පසු ඇය වසර 25ක තරුණයකු සමඟ සමීප ඇසුරක් පවත්වා ඇති අතර ඔහු තමා වෙතම නතු කර ගැනීම සඳහා උපක්‍රමයක් ලෙස සිය සුඛෝපභෝගී නිවස ඇතුළු සියලුම දේපල ඔහුගේ නමට පැවරීමට ඇය කටයුතු කර තිබිණි. ඒ හේතුවෙන් එවකට තරුණ වියේ සිටි 40 පුද්ගලයා ඇය සමඟ ඉතා සතුටින් දිවි ගෙවන්නට විය.

මීට දින කිහිපයකට ඉහතදී මියගිය කාන්තාවට අසන්නට ලැබී ඇත්තේ ඇය හදවතින්ම ආදරය කළ, සියලු දේපල නමට ලියූ පුද්ගලයා හොර රහසේම පිළියන්දල ප්‍රදේශයේ තරුණියක් සමඟ විවාහ වී ඇති බවයි. මෙය කණ වැකීමත් සමඟම ඉවසා දරාගත නොහැකි වූ 60 හැවිරිදි කාන්තාව 32 හැවිරිදි තරුණියගේ නිවස සොයා ගොස් මේ පිළිබඳ විමසීමේ දී සක්සුදක් සේ එය තහවුරුවීමෙන් අනතුරුව ඇය යළි නිවස කරා පැමිණ තිබේ.

බලාපොරොත්තු සුන් වී නිවසට පැමිණි ඇය මෙහෙකාරිය වෙළඳසැලකට යවා සුඛෝපභෝගී නිවසේ කාමරයක එල්ලී දිවිනසා ගැනීමට කළ උත්සාහය ව්‍යවර්ථ වීමෙන් අනතුරුව නිවසේ සාලයට ගොස් විදුලි පංකාවේ එල්ලී මියගොස් තිබූ බව ස්ථාන පරීක්ෂණයේදී දැකගත හැකිවූ බව හදිසි මරණ පරීක්ෂකවරයා පවසයි. ඇයගේ මළ සිරුර ආසන්නයේ තමන් වසර ගණනාවක් ආදරය කළ 40 හැවිරිදි පුද්ගලයා අමතා ලියන ලද පිටු ගණනාවකින් සමන්විත ලිපියක්ද හමු වී ඇත.

තමා විවාහ වී තිබෙන්නේ හැට හැවිරිදි කාන්තාවක් සමග වසර ගණනාවක් ඇසුරක් පැවැත්වූ පුද්ගලයකු සමඟ බව 32 හැවිරිදි විවාහක කාන්තාවටද එම කාන්තාවගෙන්ම දැන ගැනීමට ලැබීමත් සමගම ඇයද නිවස තුළ ගෙළ වැළලාගෙන දිවි නසා ගැනීමට උත්සාහ දැරුවද හාස්කමකින් මෙන් ඇයගේ ජීවිතය යම්තමට හෝ බේරි ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට වාසනාවන්ත වී තිබේ.