26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ

ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදී පැවැති දෙවැනි පන්දුවාර 20/20 ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යොමු කිරීමට අසමත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි තරග ගාස්තුවෙන් 20%ක මුදලක් දඩ ලෙස නියමකර ඇති බවයි.

මේ අතර තරගය අතරතුර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල රීති උල්ලංඝනය වන ලෙස වචන භාවිත කිරීමේ වරදට ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංකට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අවවාද කර ඇතැයි ද එහි දැක්වේ.