30.6 C
Colombo
Thursday, January 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalආණ්ඩුව දැන් ඉන්නේ ගලේ පැහැරූ බළලුන් වගෙයි

ආණ්ඩුව දැන් ඉන්නේ ගලේ පැහැරූ බළලුන් වගෙයි

විදුලි අර්බුදය ප්‍රමුඛ ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව දැන් ගලේ පැහැරූ බළලුන්ගේ තත්ත්වයට පත්ව ඇති බවත් රට මේ වැටී ඇති හිඟන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති වගකිව යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (22ද) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“රට මේ වැටී ඇති හිඟන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති වගකිව යුතුයි. මූල්‍ය අර්බුදය බලශක්ති අර්බුදයක් බවට පෙරළෙන බව අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා. පසුගිය දෙසැම්බර් මාසෙදි ජලාශ මට්ටම ඉතා හොඳ තත්වයේ තිබුණා. සති 6 ක් එක දිගට පෑව්වොත් විදුලි කප්පාදුවකට යන්න වෙනවා. ඒ වගේම මූල්‍ය අර්බුදය තීව්‍ර වීම නිසා ඛනිජ තෙල් අර්බුදයකට යන්න වෙනවා කියලා.”