― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට

පාස්කු ප්‍රහාරයේ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට

පාස්කු ඉරිදා එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් අද (22) පාර්ලිමේන්තුවට බාර දී තිබේ.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂිවල වෙළුම් 88කින් යුක්ත සම්පූර්ණ වාර්තාව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරි ගුප්ත රෝහණධීර විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී භාර දුන්නේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිෂමේ අවසන් වාර්තාව 2021 අප්‍රේල් 08 වන දින පාර්ලිමේන්තුවට භාරදුන් අතර නීතිමය හේතුන් මත මෙතෙක් ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු බැවින් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩි දුර පරිශීලනය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් පරිදි අදාළ ලිපි ගොනු පාර්ලිමේන්තුවට භාරදීම සිදුවිය.