― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalදෙමටගොඩ රුවන් යළි රිමාන්ඩ්

දෙමටගොඩ රුවන් යළි රිමාන්ඩ්

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 08 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල අද (22) නියෝග කළේය.

සැකකරු සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙම සැකකරු මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා තබා ඇති බවට බන්ධනාගාරය අධිකරණයට දැනුම් දුන්නේය. තම සේවාදායකයා මෙම සිද්ධියට අදාළව මාස තුනකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බැවින් ඕනෑම එක කොන්දේසියක් මත ඔහු මුදා හරින ලෙසට සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.