27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජය ශ්‍රී වාරණ නියෝගය ඉවතට

ජය ශ්‍රී වාරණ නියෝගය ඉවතට

ජය ශ්‍රී වාරණ නියෝගය ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන ‘මොඩ් ගොවියා’ සහ ‘සුන්දරියේ’ යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම හා අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් පසුගියදා වාරණ නියෝගයක් නිකුත් කළේය.

අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ විසිනු මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබූ අතර පෙත්සම්කරු කියා තිබුණේ, තමා සහ එම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව ‘ජය ශ්‍රී’ යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවයි.