23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalපාසල් සිසුවාට මරු කැඳවූ රිය අනතුර

පාසල් සිසුවාට මරු කැඳවූ රිය අනතුර

මොරගහහේන, හෝමාගම මාර්ගයේ යකහළුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 17 හැවිරිදි පාසල් සිසුවෙක් මියගොස් තිබේ. මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අද (24) අලුයම එම අනතුර සිදුව ඇත.

මෙම රිය අනතුරින් තවත් තිදෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය පවසයි.

මියගොස් ඇති පාසල් සිසුවා හොරණ, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය සිසුවා තවත් තරුණයන් තිදෙනකු සමග කහතුඩුව ජයවර්ධන වත්ත ප්‍රදේශයේ මිතුරකුගේ නිවසේ පැවැති සාදයකට ගොස් මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි නිවස බලා යළි පැමිණෙමින් සිටියදී එම අනතුරට මුහුණ පා තිබේ.

මොරගහහේන යකහළුව වංගුවේදී මෝටර් රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිසාවට ගොස් මොරගහහේන සිට හෝමාගම දෙසට ගමන් කරමින් තිබූ මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් මියගොස් ඇත්තේ මෝටර් රථයේ ඉදිරිපස වම්පස ආසනයේ ගමන් ගත් සිසුවෙකු බවත් ඊට පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයා බරපතළ තුවාල ලබා ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.