27.8 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපෞද්ගලික බස්වලටත් ලංගමෙන් තෙල් දෙයි

පෞද්ගලික බස්වලටත් ලංගමෙන් තෙල් දෙයි

රට තුළ ඉන්ධන හිඟයක් ඇති වුවහොත් පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරවුම්හල්වලින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් සැලසුම් කරමින් ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

මුදල් අමාත්‍යවරයා සමග පැවති සාකච්ජාවකදී මේ පිළිබඳ අවධානය යොමු වූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළේය.

මේ වන විට දින 2කට ප්‍රමාණවත් ඉන්ධන තොග ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමෙන්තුව සතුව පවතින බවත් පෙරේදා දිනයේ ඛනිජ තෙල් සංස්ථාවට යොමු කළ ඇණවුම් සඳහා ප්‍රමාණවත් තෙල් තොග මෙතෙක් ලැබී නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.