25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalමවගේ අනියම් සැමියා 13 හැවිරිදි දැරිය වරින් වර දූෂණය කරලා

මවගේ අනියම් සැමියා 13 හැවිරිදි දැරිය වරින් වර දූෂණය කරලා

වයස අවුරුදු 13ක දැරියක් දූෂණය කිරීමේ පුවතක් හලාවත ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

එම දැරියගේ මවගේ අනියම් සැමියා විසින් මෙම දැරිය දූෂණය කර ඇති අතර හලාවත පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 27ක් වන හලාවත කොහු කර්මාන්ත ශාලාවක කම්කරුවෙක් බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

36 හැවිරිදි මව හා දියණිය සැකකරු සේවය කරමින් සිටි කොහු කර්මාන්තශාලාවේම කම්කරු නිවාසයක පදිංචිව සිට ඇති අතර දැරියගේ මවද එම කර්මාන්ත ශාලාවේ සේවය කර තිබේ.

දැරියගේ පියා මියයෑමෙන් පසුව මව සැකකරු සමග අනියම් ඇසුරක් පවත්වා ඇත. ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකරන ලද විමර්ශනයකින් පසුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය වසරේ ජූලි මාසයේ සිට වරින් වර සැකකරු තමන් දූෂණය කළ බව අතවරයට පත්ව ඇති දැරිය පොලීසිය හමුවේ පවසා ඇති අතර මේ වනවිට දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.

සැකකරු හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.