29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවෙඩි තැබීමකින් කාන්තාවක් රෝහලට

වෙඩි තැබීමකින් කාන්තාවක් රෝහලට

අද (02) අලුයම නිවස ඉදිරිපිටදී කාන්තාවක් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. දෙදෙනා අතර පැවති පෞද්ගලික ආරවුලක් සිද්ධියට හේතු වී ඇති බව පොලීසිය සැක කරයි.

බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුව ඇත. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇති අදාළ කාන්තාව බදුරලිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

චන්ද්‍රලතා පත්මිණී නමැති 53 හැවිරිදි විවාහක කාන්තාවක් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ඇය සමග කලක් එකම නිවසේ වාසය කළ පුද්ගලයෙක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩිතැබීම සිදුකළ බවට සැක කෙරෙන පුද්ගලයා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර වෙඩිතැබීමට යොදාගෙන ඇත්තේ මෙරටදී නිෂ්පාදනය කළ ගිනිඅවියක් බව පොලීසිය පවසයි.