26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතම වත්කම් විකුණා යුක්රේනයට උදව් කරන රුසියානු ප්‍රකෝටිපතියා

තම වත්කම් විකුණා යුක්රේනයට උදව් කරන රුසියානු ප්‍රකෝටිපතියා

රුසියානු – යුක්රේන යුද ගැටුම් නිසා විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා රුසියානු සම්භවයක් ඇති ප්‍රකෝටිපතියෙකු වන රෝමන් ඒබ්‍රමොවිච් සිය වත්කම් අලෙවි කිරීමට තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝමන් ඒබ්‍රමොවිච් සතුව ඩොලර් බිලියන 14ක වත්කම් පවතින බව ෆෝබ්ස් වාර්තා පෙන්වා දෙයි. ඔහු ෆෝබ්ස් 2021 ප්‍රකෝටිපතියන්ගේ ලැයිස්තුවේ 142 වන ස්ථානයේ පසුවන අතර ඔහු සතුව නෞකා, පෞද්ගලික ජෙට් යානා මන්දිර සහ සුඛෝපභෝගී මෝටර් රථ එකතුවක්ද තිබේ.

2003 දී ඔහු මිලදී ගත් ‘චෙල්සි’ පාපන්දු සමාජ ශාලාවද මේ වනවිට විකිණීම සඳහා නිවේදනය කර ඇති අතර ඔහුගේ ස්ව කැමැත්තෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඔහු එම පාපන්දු සමාජ ශාලාව විකිණීමට ත්ජීරණය කර ඇත්තේ පවුම් බිලියන 3ක් හෙවත් රුපියල් කෝටි 100,000කටය. ඔහු එම සම්පූර්ණ මුදල භාරයක් පිහිටුවා යුක්රේනයේ තුවාලකරුවන් වැය කිරීමට තීරණය කර ඇත.

මේ පිළිබඳව වැඩිදුර අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ,
“මේ සමාජ ශාලාව මං ගත්තේ මීට අවුරුදු 19කට කලින්. ඒත් ක්ෂණිකව මුදල් කරන්න පුළුවන් මේක විතරයි. මේක මට ඉතාම සංවේදී අවස්ථාවක්. එම ක්‍රියාවලිය කඩිනමින් අවසන් කරන ලෙස මම මගේ කණ්ඩායමට උපදෙස් දී තිබෙනවා.”

රෝමන් ඒබ්‍රමොවිච් පුටින්ට සමීප අයකු ලෙස සැලකෙන අතර ඔවුන් දෙදෙනාම එකට සිටින ඡායාරූප රැසක් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වේ. ඔහු යුදෙව්වෙකු වීම නිසා ඔහුට 2018දී ඊශ්‍රායලය විසින් පුරවැසිභාවය ලබා දී තිබේ.