ඇල්පිටිය පිටිගල වෑයිහේන ඈපා මාවතේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ.
වෑයිහේන ඈපා මාවතේ චන්ද්‍රාදුර නන්දනී මල්කාන්ති නැමැති 46 හැවිරිදි කාන්තාවක් සිද්ධියෙන් මිය ගොස් ඇථි අතර එම කාන්තාවගේ පුතුන් දෙදෙනෙකුද මෙම ගැටුමෙන් තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇත.
මෙම පිරිස ඊයේ (02) කුරුඳු තලා, ඒවා අලෙවි කර මත්පැන් බී ඇති බවත් ඉන්පසුව බීමත්ව සිටි දෙපිරිසක් අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු ගැටුම හටගෙන ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ආරවුල විසඳීමට පහරකෑමට ලක්වූ තරුණයන් දෙදෙනාගේ මව එම ස්ථානයට ගොස් ඇති අතර ඇයට තියුණු ආයුධයකින් ගෙලට පහරදීමෙන් ඇය එතනම මියගොස් ඇති බව පොලිසිය පවසයි.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇත. ඇල්පිටිය පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


