30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබාලවයස්කාර දැරියන්ට අමුතු පාඩම් කියාදුන් ග්‍රාමසේවක අත්අඩංගුවට

බාලවයස්කාර දැරියන්ට අමුතු පාඩම් කියාදුන් ග්‍රාමසේවක අත්අඩංගුවට

අම්බලන්තොට පොලීසිය විසින් බාලවයස්කාර දැරියන් දෙදෙනෙක්ට ලිංගික අතවර කළ බවට සැකකෙරෙන ග්‍රාම නිලධාරීවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස ලිංගික අතවරයන්ට ලක්ව ඇත්තේ 14 හැවිරිදි දැරියන් දෙදෙනෙකි. මෙම ග්‍රාම නිලධාරීවරයා උපකාරක පන්ති පැවැත්වීමට යැයි පවසමින් අදාළ දැරියන් නිවසට ගෙන්වා ගෙන ඇති අතර අම්බලන්තොට වසමේ පුද්ගලයින් විසින් ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් තමාට අපහාස කරන බවට සැකකාර ග්‍රාම නිලධාරීවරයා විසින්ම අම්බලන්තොට පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ මත සිදුකළ පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ ඔහු විසින් දැරියන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ බවයි. ඒ අනුව ඊයේ (02) සවස ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ දැරියන් දෙදෙනා මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හම්බන්තොට මහරෝහල වෙත ඇතුළත් කර ඇත.