23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසංඛපාල ගල්බොක්න යාය කඳු වැටියේ ඛනිජ කැනීම් වලට අවසර දෙන්න එපා

සංඛපාල ගල්බොක්න යාය කඳු වැටියේ ඛනිජ කැනීම් වලට අවසර දෙන්න එපා

සංඛපාල ගල්බොක්කයාය කඳු වැටියේ ඛනිජ කැනීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ගල්බොක්ක යාය කඳුවැටිය සුරැකීමේ ජනතා ව්‍යාපාරය හා YOUTH FOR CHEnge සංවිධානය අද(03) භු විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමු විය.

එහීදි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ හේමා ලියනාඅරච්චි අධ්‍යක්ෂක තුමිය සඳහන් කලේ එවැනි කිසිඳු කැනීමකට අවසර ලබා දී නොමැති බවයි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවද කිසිඳු කැනීමකට මේ වන තෙක් අවසර ලබා දී නොමැත. නමුත් මෙි වන විටත් මෙම රක්ෂිත ප්‍රදේශයේ අක්කර 256 ක් පෞද්ගලික සමාගමකට විකිණිමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී. ⁣මේ සම්බන්ධයෙන් අදාල ආයතන වෙත ජනතා පෙත්සම භාර දීම ද අද දින සිදු කෙරීණ.