23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට රතු එළි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාවට රතු එළි

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ණය අඩු කිරීම සඳහා පිළිගත හැකි ක්‍රමයෙව්දයක් වහා ක්‍රියාවට නැංවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථිකය එතරම් සුබදායී නොවනු ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ – ආර්ටිකල් 4 – යටතේ ශ්‍ර ලංකාව සමග සිදුකළ සමාලෝචනය අවසන් කිරීමෙන් අනතුරුව එහි විධායක මණ්ඩලය කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ ණය ඉතා ඉහළ ගොස් ඇති බවයි.

ඊට අමතරව මෙම ණය කළමනාකරණයට ශ්‍රී ලංකා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග වහා ගත යුතු බවයි.