30.6 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට, අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට, අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට සහ අනිද්දා සිදුකරනු ලබන විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් දැනුම් දීමක් සිදුකර තිබේ. ඒ ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුවයි.

ඒ අනුව හෙට දිනයේදී P,Q,R,S,T,U,V, W යන කාණ්ඩ සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා වන කාල සීමාවේදී පැය 03ක් ද, සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවසර ලබාදී ඇත.

මිට අමතරව E සහ F යන කාණ්ඩ දෙක සඳහා හෙට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය 04ක කාලයක් ද, නැවතත් සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 03ක කාලයක් විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට අවසර ලබාදී ඇත.

එළඹෙන ඉරිදා දිනයේදී පෙරවරු 9.00 සිට සවස 4.30 දක්වා කාලය තුලදී A,B සහ C යන කාණ්ඩ සඳහා පමණක් පැය දෙකයි මිනිත්තු 30ක කාලයක් සඳහා විදුලි සැපයුම අත්හිටුවීමට යෝජනා කර ඇත.