27.2 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකිරිබත්ගොඩ පාලු නිවසකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි

කිරිබත්ගොඩ පාලු නිවසකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි

මීට දින හතරකට පමණ පෙර ඝාතනය කරන්නට ඇතැයි සැක කෙරෙන නාඳුනන කාන්තා මළ සිරුරක් කිරිබත්ගොඩ මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයාගෙන තිබේ.

ඊයේ (08) සවස අසල්වැසියන් විසින් 119 දුරකථන අංකයට දුන් තොරතුරක් මත කිරිබත්ගොඩ පොලීසිය විසින් මළ සිරුර සොයා ගෙන ඇත.

මළ සිරුර ටයිල් ගොඩකින් වසා තිබී ඇති අතර සිරුර නරක් වී තිබු බව පොලීසිය පැවසීය. මියගොස් සිට ඇති කාන්තාව අවුරුදු 35ක් පමණ වන තැනැත්තියක් වන අතර ඇය දූෂණය කර ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

කාන්තාව මියගොස් සිටි නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා පුද්ගලයෙක් පැමිණ ඇති බවත් CCTV කැමරා ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය පවසයි.

මේ අතර මියගිය කාන්තාව අංගොඩ මානසික රෝහලෙන් බෙහෙත් ලබාගෙන ඇති බෙහෙත් තුණ්ඩු කිහිපයක්ද නිවසේ තිබී සොයා ගෙන තිබේ. මෘත ශරීරිය මේ වනවිට රාගම රෝහලට ගෙනැවිත් තිබේ.

සැකකරුවන් සොයා කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.