31.1 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෑස් මිලත් ඉහළට?

ගෑස් මිලත් ඉහළට?

රට තුළ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“රුපියල් තුන්සිය ගාණට තිබුණු ගෑස් මෙට්‍රික් ටොන් එක අද රුපියල් 900 අභිබවා ගිහින් තියෙනවා. දශක 3කට පස්සේ ලෝකයේ වැඩිම ගෑස් මිල අද වාර්තා වෙලා. දැනට ගෑස් මිල වැඩිවෙලා තිබෙනවා වගේම.. අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් ගෑස් මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ සත්‍ය තත්ත්වය අපි රටට කියන්න ඕනේ. හංගන්න දෙයක් නෑ.”