30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalගුරු - සිසු පෙම් පටලැවිල්ල නතර වූ තැන

ගුරු – සිසු පෙම් පටලැවිල්ල නතර වූ තැන

ගුරුවරියක් විසින් පාසල් සිසුවෙකු අපයෝජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වෙත ඊයේ (10) දැනුම්දී තිබේ.

34 හැවිරිදි වියේ පසුවන මෙම ගුරුවරියට වසර 4ක් තිස්සේ පාසල් සිසුවෙකු අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවෙකු මෙලෙස අපයෝජනයට ලක්ව තිබේ.

එවකට 16 හැවිරිදි වියේ පසුවූ අදාළ සිසුවා සහ ගුරුවරිය වාර්ෂික ක්‍රිකට් තරගයකදී දැන හඳුනාගෙන ඇති බවත් පසුව ගුරුවරිය සහ පාසල් සිසුවා වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පසුව ගුරුවරිය විසින් පාසලේ පරිඝනක කාමරය තුළදී සිසුවා ලිංගික කටයුතු සඳහා පොළඹවාගනිමින් අපයෝජනයන් සිදුකර ඇත අතර ඔවුන් දෙදෙනා 60 වතාවක් පමණ ගල්කිස්ස ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ හෝටලයක් වෙත ගොස් ඇති බව හෙළිවී ඇත.

අපයෝජනයට ලක්වූ සිසුවා මේ වනවිට 20 හැවිරිදි වියේ පසුවෙයි.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ නියෝග කර තිබේ.